Saturday 22 September 2018

ප්‍රේමය අප ජිවත් කරවයි.. අපි සැමදා ප්‍රේමවන්තයන්ය....


උපන්දා මවට බැදුණු සෙනහසෙන් පටන් මරණය දක්වාම අපි ප්‍රේමයේ චක්‍රීය කොටස් කරුවන් ලෙස ගමන් කරන්නෙමු.. එය මරණයෙන් කෙලවර වනු වෙනුවට තවත් දිගුවකට ඉඩහසර සදයි......
ප්‍රේමය මහා ගගක් ලෙසමා අර්ත්කතනය කරන්නෙමි.. අපි එහි දියෙන් සැනසෙන්නෝ වෙමු...
මේ මහා ප්‍රේමයේ ගග හරස් කොට අකුරුපදවැල් පවුරක් තැනු තනි සරල මිනිසෙක් සිය දිවිගමන නිමා කොට හෙටට (ජුලි 31) වසර විසි හතකි...
ඔහු තැනුවේ ප්‍රේමයේ ගීතමය ජලාශයයි... ඔහු නැතත් ඔහු බැදී පවුරෙන් ප්‍රේමයේ දිය දාරාවන් අකුරු පදවැල් පවුරේ වදිමින් තාලයට ප්‍රේමයේ සොදුරු බව රල නගයි........
ධර්මසිරි ගමගේ ඔහුගේ මරණය අකුරට පෙරලා තිබුණි....
" ප්‍රේමකිර්තිට වෙඩි තියලා මට දැනගන්නට ලැබුණි. මම වහාම හෝමාගම රෝහලට ගියෙමි. හෝමාගම රෝහලේ සිතල සිමෙන්ති බංකුවක් උඩ ඔහුගේ නිසල සිරුර හොවා තිබෙනු මම දුටුවෙමි. මහු මියගොසින්ය...
එහෙත් ඔහුගේ මුහුණේ පුරුදු සිනාව රැදී තිබුණි"

ධර්මසිරි ගමගේ සුරින්ගේ පද එලෙසම මට මතක නැතත් එහි අර්ථය එයයි....
ප්‍රේමකිර්ති ඔහුගේ නමට අර්ථකතනයක්ම වන්නේය.. ඔහුගේ කිර්තිය ප්‍රේමයයි.....
"ආදරයේ උල්පත උන අම්මා..." ගැන ලියමින් ඔහු මව් කෙනෙක් වෙත වන දරුවෙකුගේ අසීමිත ප්‍රේමයේ කතාව ගීතමය මල්කැටයමක් කොට පිළිගැන්විය..
"කුරුලන්නට ගී ගයන්නට ඔබේ කට හද දෙන්න" කියමින් ඔහු ඔබ හැර අන් කිසවක් එපා කියන පරිත්‍යාගශීලි ප්‍රේමවන්තයා විය...
"කුරුල්ලන්ට ගී ගයන්න ගහට කොළට පාට දෙන්න විසි කලෙමි හදේ තියන ආදරයයි..... කරුනාවයි.... කාටවත් නොදී..." කියුවත් ඔහු ආදරයෙන් ලෝකය පෙගවූ බව ඔහුගේ රචනාවල් සාක්ශි දරයි...
ඔහුට තිබුනේ එකම හීනයක්යයි මට සිතේ....
" සුන්දරත්වයෙන් පිරි සොදුරුම සිහිනේ...
නෙත් දෙකින් අරන් එනු මැන සදපානේ..."
සුන්දරත්වය පදවැල් අතර අහුරා....ඔබේ නෙත් ප්‍රේමයේ සිහිනයේ සතපවන්න ඔහු අතට අසුවන සැම කඩදාසි කැබැල්ලකම ඔහුගේ විචිත්‍ර පද රටාවැල් වියමන් කරන්නට ඇත...
වෙඩි උන්ඩ අහිංසකය.....
කොකා ගැස්සු පසු තමන් සිදුරු කරන්නේ ප්‍රේමයේ සොදුරු පදරචකයාගේ හදවත යයි වෙඩි උන්ඩ දැන නොසිටින්නට ඇති....
ගිනියම් උණ්ඩ ප්‍රේමයේ හදවිලේ ලේ දාරා වලින් නිවී යන මොහොතේ උණ්ඩ ඒ හදවත හදුනාගෙන හඩා වැලපෙන්නට ඇති....
ප්‍රේම්ගේ නිසල මල සිරුරේ මුහුණේ සිනාව අපට කියන්නේ ඒ කතාවයි...
ඔහු ලොවටම ප්‍රේමය විදින්නට අකුරු පවුරකින් ගීතමය ජලාශයක් තනු යෝධ හදවතක් ඇති ප්‍රේමවන්තයාය....
මිය යන මොහොතේ වෙඩි උණ්ඩයට ඔහු...
"කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනහේ නම්..." කියා ආදරණිය සිනාවක් පාන්නට ඇත....
ප්‍රේම් අතීතයේ කතාවකි... ඔහුගේ ගීතමය ජලාශය තවම රල නගමින්... ප්‍රේමයේ ගීතයේ පදවැල් මුමුණයි.

ස. රත්නායක

No comments:

Post a Comment