Saturday 22 September 2018

තස්ලිමා නස්රීන් ලේඛිකාව



ඇය තරම් මුස්ලිම් ලෝකයේ වෛරයට පාත්‍රවූ රචිකාවක් සොයාගැනීම දුර්ලභය. ඇය අද ස්වීඩනයේ අප්‍රකට ජීවිතයක් ගතකරන්නේ ඇය මරා දැමීමට මුස්ලිම් අන්තවාදීන් තැත්කරන හෙයිනි. ඇය ලොව පහළවූ අභීත ලේඛිකාවකි.ඇය ජගත් විචාරකයන්ගේ සම්භාවනාවට පාත්‍රවූයේ මුස්ලිම් ලෝකයේ නොපනත් කම් ගැන ලියූ නිසාවෙනි. මෙම ග්‍රන්ථය ඇගේ මව් භාෂාව වූ බෙංගාලි බසින් ද හින්දි, මරාති, මලයාලම්, ඉංග්‍රීසි, ප්‍රංස, ජර්මන්, ස්පාඤ්ඤ, ස්වීඩන්, අරාබි භාෂාවලින් ද පළවී තිබේ. ඈ ලියූ ග්‍රන්ථ අතර Oporpokkho (The Opponent) 1992 Shodh (Revenge) 1992 Nimontron (invitation) 1993 Phera (Return) 1993 Bhromor Koio Gia (Tell him the Secret) 1994 Lajja (Shame) Forashi Premik (French love) යන ග්‍රන්ථ ප්‍රධාන වේ.
ලෝකයේ ගමන් මඟ වෙනස් කළ මේ කතුවරියන් තුළ තුබූ අභීත භාවයත් සමස්ත ධරණීතලයේ සුන්දරත්වය හා අසාධාරණ සංස්කෘතීන්වල සංඝට්ටනයත්, ආගමික හස්තයේ ක්‍රෑරත්වයත් පුරුෂාධිපත්‍යයේ නව මුහුණුවරත්, කාන්තා හදවතේ අසමසම සුන්දරත්වයත් වනන්නට සමත් උත්කෘෂ්ට ප්‍රතිභාව හා වජ්‍ර බුද්ධියත් සුළුකොට තැකිය නොහැකිය.
මේ කතුවරියන්ගේ ආගමනයත් සමඟම ලෝකයේ පුරුෂයන් විසින් අත්කරගත් සාහිත්‍ය ක්‍ෂේත්‍රය ක්‍රම ක්‍රමයෙන් තමන් සතු කොට ගනිමින් සාහිත්‍ය හරහා පුරුෂයන් වැපිරූ ප්‍රෝඩාවේ ඊනියා සුන්දරත්වයට පහර දෙමින් නව වීමංශනාක්ෂියකින් වනිතාවන්ට ලෝකය දෙස බලන්නට අවස්ථාව ද චින්තනය ද උරුම කර දී තිබේ.
කාන්තාව ඉතා දුර්වල සත්ත්වයෙකැයි කියන්නන්ට ද කාන්තාව සෑම පැත්තකින්ම පුරුෂයන්ට වඩා පහත් යැයි තර්ක කරන්නන්ට ද කාන්තාව ලිංගික කාර්යයේදී වඩාත් පහත් සත්වයෙකැයි පවසා ජුගුප්සාජනක කතා කියන්නන්ට ද නවාල් එල් සාදාවි හා තස්ලිමා නස්ලින් වැනි ලේඛිකාවන් මරු පහර එල්ල කොට ඒ අඥාන අතාර්කික මත සුණුවිසුණු කොට ඇත.
සාහිත සටන් බිමේ මහ ගජනා ප්‍රහාර පුරුෂ පක්ෂය වෙනත් ආගමික සංස්කෘතික නෛතික බැමි වෙතත් එල්ල කළ ඇසිල්ලේ පුරුෂ පක්ෂය මේ අභීත කතුවරියත් ඝාතනය කිරීමට කැසකවමින් සිටියි.
මේ නිසා සමහර අභීත කතුවරියන්ට සිරගෙවල්වල ලගින්නට ද මව්බිමින් එපිට වෙස්වළාගත් ජීවිත ගතකරන්නට ද සිදුවී තිබේ.
කාන්තාව සැබෑ ජීවමාන සත්වයකු බවට පත්කර ඇත්තේ බුදුන් වහන්සේගේ ධර්මයෙන් හා කාල්මාක්ස්ගේ සමාජවාදී සංකල්පයෙන් පමණක් බවද රුසියානු මාතාවගේ ශ්‍රේෂ්ඨ ලේඛක පරපුර වෙතින් පමණක් ඇය ජීවිතය යළි ලද බවද මැදහත් විදග්ධ විචාරකයෝ පෙන්වාදෙති.
කෙසේ වුවද කාන්තාවත් පිරිමියාත් අතර වෙනස ශරීරාවයවවලින් පමණක් බවද ඇයට රටක් වුවද පාලනය කළ හැකි බවද ලෝකයේ විශිෂ්ට කාන්තා චරිත පෙන්වා දී ඇත. කාන්තාවන් වෙනුවෙන් අභීත අදහස් රළ පෙළ ලොවට දා කළ ලේඛිකාවන්ගේ සාහිත්‍ය ව්‍යාපාරය අදත් හෙටත් බැබළෙනු නොඅනුමානය

සංජිව රත්නයක

ප්‍රේමය අප ජිවත් කරවයි.. අපි සැමදා ප්‍රේමවන්තයන්ය....


උපන්දා මවට බැදුණු සෙනහසෙන් පටන් මරණය දක්වාම අපි ප්‍රේමයේ චක්‍රීය කොටස් කරුවන් ලෙස ගමන් කරන්නෙමු.. එය මරණයෙන් කෙලවර වනු වෙනුවට තවත් දිගුවකට ඉඩහසර සදයි......
ප්‍රේමය මහා ගගක් ලෙසමා අර්ත්කතනය කරන්නෙමි.. අපි එහි දියෙන් සැනසෙන්නෝ වෙමු...
මේ මහා ප්‍රේමයේ ගග හරස් කොට අකුරුපදවැල් පවුරක් තැනු තනි සරල මිනිසෙක් සිය දිවිගමන නිමා කොට හෙටට (ජුලි 31) වසර විසි හතකි...
ඔහු තැනුවේ ප්‍රේමයේ ගීතමය ජලාශයයි... ඔහු නැතත් ඔහු බැදී පවුරෙන් ප්‍රේමයේ දිය දාරාවන් අකුරු පදවැල් පවුරේ වදිමින් තාලයට ප්‍රේමයේ සොදුරු බව රල නගයි........
ධර්මසිරි ගමගේ ඔහුගේ මරණය අකුරට පෙරලා තිබුණි....
" ප්‍රේමකිර්තිට වෙඩි තියලා මට දැනගන්නට ලැබුණි. මම වහාම හෝමාගම රෝහලට ගියෙමි. හෝමාගම රෝහලේ සිතල සිමෙන්ති බංකුවක් උඩ ඔහුගේ නිසල සිරුර හොවා තිබෙනු මම දුටුවෙමි. මහු මියගොසින්ය...
එහෙත් ඔහුගේ මුහුණේ පුරුදු සිනාව රැදී තිබුණි"

ධර්මසිරි ගමගේ සුරින්ගේ පද එලෙසම මට මතක නැතත් එහි අර්ථය එයයි....
ප්‍රේමකිර්ති ඔහුගේ නමට අර්ථකතනයක්ම වන්නේය.. ඔහුගේ කිර්තිය ප්‍රේමයයි.....
"ආදරයේ උල්පත උන අම්මා..." ගැන ලියමින් ඔහු මව් කෙනෙක් වෙත වන දරුවෙකුගේ අසීමිත ප්‍රේමයේ කතාව ගීතමය මල්කැටයමක් කොට පිළිගැන්විය..
"කුරුලන්නට ගී ගයන්නට ඔබේ කට හද දෙන්න" කියමින් ඔහු ඔබ හැර අන් කිසවක් එපා කියන පරිත්‍යාගශීලි ප්‍රේමවන්තයා විය...
"කුරුල්ලන්ට ගී ගයන්න ගහට කොළට පාට දෙන්න විසි කලෙමි හදේ තියන ආදරයයි..... කරුනාවයි.... කාටවත් නොදී..." කියුවත් ඔහු ආදරයෙන් ලෝකය පෙගවූ බව ඔහුගේ රචනාවල් සාක්ශි දරයි...
ඔහුට තිබුනේ එකම හීනයක්යයි මට සිතේ....
" සුන්දරත්වයෙන් පිරි සොදුරුම සිහිනේ...
නෙත් දෙකින් අරන් එනු මැන සදපානේ..."
සුන්දරත්වය පදවැල් අතර අහුරා....ඔබේ නෙත් ප්‍රේමයේ සිහිනයේ සතපවන්න ඔහු අතට අසුවන සැම කඩදාසි කැබැල්ලකම ඔහුගේ විචිත්‍ර පද රටාවැල් වියමන් කරන්නට ඇත...
වෙඩි උන්ඩ අහිංසකය.....
කොකා ගැස්සු පසු තමන් සිදුරු කරන්නේ ප්‍රේමයේ සොදුරු පදරචකයාගේ හදවත යයි වෙඩි උන්ඩ දැන නොසිටින්නට ඇති....
ගිනියම් උණ්ඩ ප්‍රේමයේ හදවිලේ ලේ දාරා වලින් නිවී යන මොහොතේ උණ්ඩ ඒ හදවත හදුනාගෙන හඩා වැලපෙන්නට ඇති....
ප්‍රේම්ගේ නිසල මල සිරුරේ මුහුණේ සිනාව අපට කියන්නේ ඒ කතාවයි...
ඔහු ලොවටම ප්‍රේමය විදින්නට අකුරු පවුරකින් ගීතමය ජලාශයක් තනු යෝධ හදවතක් ඇති ප්‍රේමවන්තයාය....
මිය යන මොහොතේ වෙඩි උණ්ඩයට ඔහු...
"කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනහේ නම්..." කියා ආදරණිය සිනාවක් පාන්නට ඇත....
ප්‍රේම් අතීතයේ කතාවකි... ඔහුගේ ගීතමය ජලාශය තවම රල නගමින්... ප්‍රේමයේ ගීතයේ පදවැල් මුමුණයි.

ස. රත්නායක

වාණිජ ජාතිකවාදය


ජාතිකවාදය ගැන බොහෝ දෙනා කතා කරතත් ඒ පිළිබද දනුව ඉතා අල්පය. ඇතමුන් ජාතිකවාදය හෝ ජාතිය කියන සංකල්පයන් පිලිබද හැදෑරීමකින් හෝ අවබෝදයකින් තොරව කතා කරන්නේ ජාතිය බේරා ගැන්මට තමන් හෝ තමන්ගේ පාර්ශවයන් ඉතා කැපවීමෙන් පෙනී සිටින බවයි., ජාතිය ගලවා ගැනීමේ උපාය මාර්ගය කුමක්ද්යි අසු විට අහවලා බලයට ගෙන ආවම හරි යයි කියන තරමට දැනුමෙන් හීන වූ හැගීම් මුලික අවබෝදයක් රහිත ජාතික වාධින් යයි කියා ගන්න පිරිස් බුකියේ පිහිටෙන් බිහිව තිබේ.
වාණිජ ජාතිකවාදය මුලික අර්ථය ජාතියේ ආර්ථිකය තමන්ගේ ජනතාවගේ යහපත සඳහා ක්‍රියා කළ යුතු බවය. ආර්ථික ජාතිකවාදය අයදුම් කිරීමට විවිධ ක්රම ගණනාවක් ඇත.
වාණිජ ජාතිකවාදය තුලදී බොහෝ පුළුල් වශයෙන් ආරක්ෂණවාදය, ආනයන ආදේශන, වෙළද සහ සැලසුම් ආර්ථිකයන් වැනි ප්‍රතිපත්ති ඇතුළත් වේ. බොහෝ පුළුල් ආර්ථික ප්‍රතිපත්තීන් හා යෙදවුම් ගණනාවක එකතුවක් ලෙස සැලකෙන වාණිජ ජාතිකවාදය මිශ්‍ර ආර්ථික උපාය මාර්ග ගනයයට අයත් වේ. මෙය පිරිසිදු ලෙස අසවල් පන්නයේ ආර්ථික ක්‍රමවේදයක් ලෙස විස්තර කල නොහැකි අතර බොහෝ ක්‍රම වල ලක්ෂණ එකතු වුමක් ලෙස සැලකිය හැකිය.
උදාහරණයක් ලෙස වජන ජාතිකවාදය තුලදී කම්කරු නීති වල පැහැදිලි සේවා සීමාවන් දැකිය හැකිය. විශේෂයෙන් විදේශ ශර්මිකයන් හෝ අනසවර කම්කරුවන් බදවා ගැන්ම සිමා කොට හෝ තහනම් කොට තිබෙනු මෙවැනි ආර්ථික මොඩලයන් වල දැකිය හැකි ආරක්ෂණ වාධි උපායමාර්ගයකි. සමාන්‍ය විවුර්ත වෙළද පොළ ක්‍රම තුල දැකිය හැකි ලාබ ශ්‍රමය යොදා ගැන්ම වෙනුවට දේශීය හෝ ස්වකිය ජාතියේ රැකියා සුරක්ෂිතතාවය තහවුරු කිරීමට මෙම මොඩියුලයේ ලක්ෂණයයි,
නමුත් සෑම ජාතිකවාදී ආර්තිකයකම මෙය දැකිය නොහැකිය. මා පෙර කියූ ලෙස එය සපෙක්ස්ව වෙනස් වෙයි. ජාතික වාදී ආර්ථික මොඩියුලයක් සහිත වුවත් එක්සත් අරාබි එමීර් රාජ්ජයේ උක්ත මා සදහන් කල ආරක්ෂණ ක්‍රමය තධින් දක්නට නොවේ. නමුත් වෙනත් අයුරකින් සව්කිය ජාතිය බලවත් කර තිබේ. ආර්ථික මරමස්තානයක් ලෙස තම රට ගොඩ නංවා නීතිමය කරුණු මගින් ඒ වියාපාර වල අයිතීන් වලින් ප්‍රතිශතයක් ස්වදේශික පුද්ගලයන්ට ලැබෙන වෙනස් ක්‍රමයක් ( ස්පොන්සර් කෙනෙක් ලෙස) එහි භාවිතා වෙයි.
ඊට අමතර රට විසින් වියාපාරසදහා අවශය පහසුකම් සම්පාදනය මගින් ආර්ථික පසුබිමක් ගොඩ නාග අවශ්‍ය මුලික දේවල් වල නීතිමය බලය, ඉඩම්, හාපරිපාලනය වගේම විදෙස්රැ කියා නියුක්තිකයන්ට ප්‍රවාහන් , නවාතැන් , වෙළදපොල නිර්මාණය මගින් රතීආර්ථිකය බලවත් කොට තිබේ.
වාණිජ ජාතිකවාදය තවත් වෙනස් අන්ත දක්නට හැකිය. ඉන්ධියාවේ දැන් යන මේඩින ඉන්දියා නම් මොධි අගමැතිවරයාගේ නිෂ්පාදන ආර්ථික මොඩියුලයද වාණිජ ජාතිකවාදයේ ප්‍රබෙදයක් වේ. රට තුල නිෂ්පාදයන වැඩි කොට අපනයනය මගින් ආදායම් ඉපදවීම එහි ක්‍රමවේදය වේ. නමුත් ජනගහනය අදික ඉන්ධියාව චීනය වැනි රටවලට මිස කුඩා ලංකාව වැනි රටවලට මෙය අපහසු වන්නේ ශ්‍රම හිගය හා උගත් පිරිස වැඩි වීම නිසා කම්කරුවන් අඩු වීම නිසාය.
ලංකාවට ගැලපෙන්න වාණිජ ජාත්කවාදය යන්න නොරහසකි.
ලංකාව හා වාණිජ ජාතිකවාදය ගැන වෙනම ලිපියකින් හමුවෙමු/


සංජිව රත්නායක

නලින්ට ලෝකය පැටලීම.


මගේ ලෝකය පොතට වසර තිහක් සැපිරීම හේතුකොටගෙන පවත්වන දේශනයක ප්‍රදාන අරාදිතයා මහින්ද බව බුකියේ දුට මට සිනා පහල විය.
නලින් මගේ ලෝකය පොතේ ලෝකය මෙලෙස විග්‍රහ කරයි
"ලෝකය යනු ඔබ ඇසු , දුටු හා දන්නා දෙයයි"
වසර තිහකට පෙර නලින්ට තිබු පරිකල්පන හැකියාවට මක් උනාදැයි උක්ත දෙසුම අරබයා ප්‍රධාන අරාදිතයා ලෙස මරා මහතා පැමිණිමෙන මට ගැටළුවකුත්... නලින්ගේ බමුණු මතය ඔහු කොතරම් අසරණ කොට ඇත්දැයි දැක සිනහවත් පහල කරන ලදී.
නලින් ජාතික වාදියෙකි. අමු රැඩිකල් පොරකි. රිදෙන්න සිංහල බෞද්ධ කම ගැන කතා කල කෙනෙකි. එයට මම ලැදිය.
නමුත්.......
නලින් ජාතිකවාදී මතයේ මහා ගුරා ලෙස ඇතැමුන් හදුන්වතත් මට නම් ඔහු ජාතික මතයට හානිකර උද්දච්ච සුසයිඩ් ජාතිකවාදියෙකි.
මගේ ලෝකය තුල සම්පුර්නයෙන්ම සාකච්චා වන්නේ දාර්ශනික කරනය. උඩක්කියක හැඩය ඇති පුටුවක් උදාහරනයක ලා මිනිසාගේ ලෝකයේ සීමාව දාර්ශනිකව ඔහු කල විග්‍රහය වසර දහයකට පසුවත් මගේ මනසේ තිබෙන්නේ එහි ඇති තාර්කික බව නිසාය.
මෙවන් දාර්ශනික පොතක තිස්වන සැමරුමට මරා මහතා එනවා යන්න හදුන්කුරු දැන්වීමකට බලල් ගු පෙන්වනවා වැනිය යන්න මගේ අදහසයි.
හැගීම් මුලික බවාත්මක පොතක් හෝ කමල් ගුණරත්න ජෙනරාල් වරයාගේ යුද අත්දැකීම් සහිත පොත එලි දැක්ම වැන්නකට මරා මහතා පැමිණීම සාදාරනය. එය ඔහුටත් මටත් මෙනම් මහින්ද ආගමක් ලෙස අදහන හැගීම් මුලික අන්ද බක්තිකයන සියලු දෙනාටත් දැනෙන හැගෙන තෙරණ කතාවකි.
මගේ ලෝකය පොත එසේ නොවේ....
මහින්දට මගේ ලෝකය පොත තුල විග්‍රහය තේරුනේ නම් ඔහු අදත් ජනාදිපතිය..
ඔහු ඔහුගේ ලෝකය හා මිනිසුන්ගේ නිදහස් චින්තනයේ සීමාවන් වරද්දවා ගෙන පරාජයට ලක් වුන හොදම උදාහරණයි.
තමන්ගේ තියරිය අමු අමුවේ උල්ලංගනය කොට බලු උන කෙනක් ඒ තියරෙයේ හරය ගැන ස්කච්චවකට එම විහිළුවකි..

මගේ ලෝකය හරිද වැරදිද? යොදන්නේ කෙලෙසද මහින්දට අදාළ නැත. ඔහු තවම ඉන්නේ පරණ ජනාදිපති ලෝකයෙන් බිම වැටි තුෂ්නිම්භූත භ්වායෙනි.
නලින් කල් ඉකුත්ව ඇති බව මගේ අදහසයි.
මෙවන් දේ මගින් නලින් එය පසක් කරයි .

 සංජිව රත්නයක

අම්පිටියේ සුමන රතන හිමි හා යමු...


පසුගියදා සමාජ ජාල මාද්‍යය හරහා අම්පිටියේ සුමනරතන හිමි යම් උද්වේගකර අවස්තාවක කල ප්‍රකාශයක් සම්බන්දයෙන් ප්‍රතිචාර දක්වමින් යමු නම් පිටුවක් හරහා විඩියො පටයක් නිකුත් කරන ලදි. හරි හැටි සිංහල බාශාවෙන් වත් කතා නොකර කැඩුනු ඉන්ග්‍රිසියෙන් .. ඔහ් ශිට්... වට් ද හෙල්.. යැයි අසමින් කරන මේඅපුරු ප්‍රතිචාර දැක්වීම ඇත්තෙන්ම ඉතා උද්‍යොගයෙන් මම නැර්ඹුවෙමි.
කතාව ඇත්තය... වට් ද ෆක් කියා ගෙදර පුටුවක කකුල වැදුනත් අහන කොළබ පොශ් පන්තියේ හිපියන්ට අම්පාර මඩකලපුව ජීවිතය මැජික්ය. එහි ජිවත් වෙමින් විවිද කම් කටොලු මැද පන්සල හා ඒ අවට ජනපද රැක ගත් අම්පිටියේ සුමනරතන හිමි යම් අසාදාරනයක් හමුවෙ උද්වෙගකර වීම මේ හිපියන්ට ඉතා ඉන්ටර්ස්ටින් වී තිබීම ස්භාවිකය. උන්ගේ ස්මාජ දැනුම හා සිතීමේ පරාසය උන් ජිවත් වන හායි හුයි ගාන හවස්ට පිට්සා කන , සෙල්ෆි ගහන ශෝශල් මීඩියා වල කාලය ගෙවන ජීවත් වීමේ රටාව විසින් පටු කොට තොබීම නිසා මේක අමු මැජික් එකක් බවට පරිවර්තනය වී තිබේ.
යමු කල්ලිය 1848 සිටියා නම් මේ විඩියොව හදන්නේ කුඩාපොල රාහුල හිමිටය. සිවුරු දාගෙන The great Royel King Of Englandට විරුද්දව කැරලි ඔර්ගනයිස් කරන එක හෝලි ශිට් යැයි අර තඩි කලු බතල යමු පත්තන්දය ලස්සනට කියා සිනාසෙනු ඇත.1930ට පෙර දශකයේ දර්මපාල තුමන් කතා කරනවා අසා සිටීමට මේ හිපියන්ට හැකි උනි නම් YAMU කල්ලිය වීඩියොවක් නිකුත් කොට Ohhhh my God.. what is this man is talking ? කියා අසනු ඇත.
යමු අයිති මහාචාර්ය රොහාන් සමරජීව නම් විකුර්තිකයාගේ පුත්‍රයාට බව ඇසීමෙන් මම මේ විඩියෝව පිලිබඩ තිබු වික්ශිප්ත බාවය දුරු කොට ගතිමි. මහාචාර්ය කමක් කතා කරද්දීවත් පෙන්වාගන්නට අසමත් ප්‍රශ්නයක් ඇසුවෙක් එලියට දැමීමට අන දුන් සමරජීවගේ පුතා මේ වගේ ගොන් කම් කරන්නෙ ආරෙට යැයි සිතා මම හිතා හදා ගන්නෙමි.

මේ වගේ උන් හැමතැනම සිටී. ඉරාජ් එකෙකි.. උ පසුගිය ආන්ඩු කාල්‍යේ අර මුග්ද රාජපස්ස කුමාරයා සමග බලිකා පාසල අමු ගින් පාර්ට් එකක් දාමා සින්දුබ්වෙනුවට විඩියො කරමින් සංස්කෘතිය කඩන බව කියන්නෙද මේ මෙන්ටලටි එකෙන්මය. සිංහල සංස්කෘතිය උට තෙරෙන්නේ නැත.. වික්ටොරියානු සංස්කෘතිය විසින් අපිට එබ්බවු දේවල් නිසා වැසි තිබෙන නිදහස් සිංහල සංස්කෘතිය බිදින්නට නොව මතු කර ගත යුතුය.
කෙසේ වෙතත්යමු කල්ලිය ගැන කලබල විය යුතු නැත.උන්ට AC කාමර වලට මඩ කලපුවේ රලු පොලවේ ගිනිරස්නය දැනෙන්නේ නැත. ටැප්වතුර බොන උන්ට වතුර කල ගෙඩි අරන් පයින් යන ජීවිතය හිතාගන්නට බැරිය. ඒ ජීවිතය රලු බවට සාපෙක්ශව ඒ ජිවිත ගලවාගැනීමෙ මෙහෙයුමේ නයකයානන් වන අම්පිටියේ සුමනරතන හිමිගේ රලු උදෙවෙගකර වදන් YAMU කල්ලියට හිතාගන්නවත් නොහැක.
YAMU උබලා ප්‍රශ්න කල යුත්තේ සුමනරතන හිමිගේ වචන නොව මඩකලපුවේ ජීවිත වල සමාජ ආර්තික තත්වයයි.... ආන්ඩුවෙන් මහා පඩි ගෙන ගොන් ටොක් දෙන මහාචාර්ය සමරජීවලාට මෙන්ම උන්ගේ ගොන් පුතාට හිමි යමු කල්ලියද ඒ ජීවිත ප්‍රශ්න කරන්න හා ඒ ජීවිත වල සමාජ ආර්තික මට්ටම ගොඩ නන්වන්නට උවමනා නැත. උන් සොශල් මිඩියා වල බඩගෝස්තරය සදහා විඩියො කරයි.
සමරජිවලා අන්ඩුවට සෙට් වී රටේ සල්ලි කයි.
උගේ පුතා තාත්තලා සල්ලි කෑම නිසා දරිද්‍රතාව මත ගිලී පහලට මට්ටමක සිටින සමාජ කොටස්වල වෙදනාව වචන වලට පෙරලුනාම ඒ වචනවලට ප්‍රතිචාර විඩියො නිකුත් කොට ආතල් ගනී......
අපි එකම විශම චක්‍රයක උන්ගේ ගොන් පාර්ට් බලා සිටින්නෙමු. අම්පිටියේ සුමනරතන හිමි වැනි හිමිවරු හෙටත් ව්වෙදනාවෙ රලු වදන් වදාරනු ඇත. සමරජීව තාත්තලා පුතාලා වැනි පර පොශිත කල්ලි එවාට ලස්සන විවෙචන ගේනු ඇත.
මෙය නවත්තන්න සමාජ ආරතික හා දේශපාලන වෙනසක් අවශයයි

 සංජිව රත්නයක

සෝම හිමි චින්තනය යලි කියවමු




සෝම හිමියන් මෙරට මෑත ඉතිහාසයේ සබුද්ධික මිනිසුන්ගේ මනස අවදි කල ප්‍රබලතම පැවදි මිනි පහන ලෙස සැලකිය හැකිය. සමාජයෙන් ඇතට වී තමන්ගේ වැඩක් බලාගැනීම වෙනුවට සමාජයේ නියමුවා භික්ෂුන්වහන්සේ බව යලි මත සමාජයට පසක් කලේ උන් වහන්සේගේ සබුද්දික සමාජ විප්ලවයයි.සමාජවාදය දනවාදය , ප්‍රජාතන්තවාදය ආදිකොට ඇති බටහිර මුලික දේශපාලන ක්‍රම වෙද්වලට රැහැනිව බෞද්ද දේශපාලන ක්‍රමවේදයක් ගැන සාකච්චා කිරීමද උන්වහන්සේ වඩාත් සමාජයේ කතිකාවට ලක්වීමට හේතුවිය.
සෘජුපටිපන්න බාවය මොනවට පෙන්නුම් කරමින් සිංහල භික්ෂුවන්ශ්යේ ප්‍රතිමුර්තියක් උන උන්වහන්සේට එවකට දේශපාලන පක්ෂ බොහොමයක උදහසට ලක්වන්නටද සිදුවිය. ඊට අමතරව උන් වහන්සේ සිදු කල බෞද්ධ පුනර්ජීවනය මිස්දෙටු බලවේග වලට මාරු පහරක් විය. උන්වහන්සේගේ දිවිය කෙටිවිමට මේ අභීත සටන්කමිතාවය බලපෑ බව මගේ මතයයි.
වත්මන් සමාජය තුල බොහෝ බෞද්ද සංවිදාන හා පිරිස් බිහිව තිබේ. ඔවුන් බොහොමයක් සෝම හිමි ඉතා ඉහලින් සලකන අතර ඇතැමුන් උන්වහන්සේ සැමරීමේ අයිතිය ඇත්තේ තමන්ට පමණක් බවද , උන්වහන්සේ පිළිබද කතා කිරීමේදී දේශපාලනික කරුණු හෝ දේශපලනය අදාළ කොට ගත නැති බවට අමු මිත්‍යාවක පසු වෙයි. එම නිසා සෝම හිමි චින්තනය කෙටියෙන් හෝ යලි සාකච්චා කල යුතු සමය මෙය බව මා විශ්වාස කරමි.
සොමහිමියන් උන්වහන්සේගේ ජනවිජය සංවිදානයේ තේමාව ලෙස තෝරාගත්තේ "සදාචාරය ජාතියක සෞභාග්‍යය උදාකරයි " යන්නය. සිංහල බෞද්ද මතවාදය ගැන ප්‍රබලව සකච්චා කරන ලද උන්වහන්සේ මෙවැනි තේමාවක් තෝරාගත්තේ මන්දැයි මුලින්ම සිතිය යුතුය,
උන්වනසේ සිංහල බෞද්ද චින්තනය පමනක් හරහා නොව රටම දේශපාලනික හා සමාජ ආර්ථිකමය විප්ලවයක් කරාගෙන යාමේ අරමුණ පෙරදැරිව සිය මතවාදය ජනගත කර බව උන්වහන්සේ විසින් කරන ලද දේශනා හා සම්පාදිත පොත් , ලිපි ආදිය අධ්‍යනය කිරීමේදී හොදින් වටහාගත හැකිය.
මිත්‍යාවට එරෙහිව හා දේවවාදයේ ගැත්තන් බව බෞද්ධ සමාජය පත්වීමට එරෙහිව උන්වහන්සේ ගෙන ගිය සටන සමාජය සබුද්දික කිරීමේ හා සම්මා දිට්ටියට පත් කිරීමේ විප්ලවීය වැඩපිළිවෙලකි.
සොමහිමියන් සම්පාදිත " දිලිදු කමේ උපත දුරාචරයයි " යන ලිපියේ තැනක මෙලෙස සටහන් වේ....
"සීමිත සම්පත් වලින් අසීමිත අපේක්ෂා සම්පුරන් කිරීම උදෙසා වූ මිත්‍යා දුෂ්ටික ආර්ථික නියාය නම් වූ මහා දුෂ්ට රකුස විසින් වත්මන් ලෝකයම ගිලගනු ලබිමින් සිටියි.එම රුදුරු රකුසා මෑතක සිට ගෝලීයකරණය නමින් සුන්දර වේශයක් ගෙන සිටියි "
ඉතා ප්‍රසස්ත අන්දමින් සමාජය මුහුණ දෙන ආර්ථික හා සමාජ් අර්බුධයන් පිලිබද අධ්‍යනයක් සහිතව උන්වහන්සේ විසින් එවකට සාකච්චා කළබවත් , ඒවායේ සත්‍ය තාව වත්මන වන විට බටහිරට පවා අත්දකිමින් තියෙන බවත් ගොලියකරය්නයට එරෙහිව බටහිර ගොඩනැගෙමින් තියෙන ජාතිකවාදී රැල්ල මනාව පසක් කරයි.
බොහෝ දෙනා පසුගිය ජනාදිපතිවරණය සමයේ ජාතික හෙළ උරුමයට චෝදනා කලේ සිංහල බෞද්දයන් වෙනුවෙන බිහි වුන පක්ෂයක් වංචා දුෂණයට එරෙහිව සටනට එල්බ තම වියාපාරයේ මුල් අමතක කල බවත්.. හෙළ උරුමයට මුල් වුන සෝමහිමි චින්තනය එමගින් පවා දී ඇති බවත්ය. ඒ චෝදනා කල බොහෝ දෙන සෝමහිමි චින්තනය නොහදුණන ය බව කිව යුතුමය. උන් වහන්සේ සදාචාරය ජාතියක සෞභාගයට හේතුවන බව පැවසුවේ හුදෙක් සංස්කෘතික අදහසකින් නොවේ. ආර්ථික සදාචාරය , දේශපාලන සදාචාරය මෙන්ම සමාජය තුමා පවතින මානව පැවැත්මට මුලික වන කරුණු වල විදිමත් බව එමගින් උන්වහන්සේ අදහස් කල බව ඊ පිළිබද බෞද්ධ නිර්වචනයක් උන්වහන්සේ සිය චින්තනය තුල සකච්චා කල බවත් දන්නේ ඉතා සුළු පිරිසකි.
උන්වහන්සේ විසින් ඔබේ චන්දය දුෂිතයන්ට දෙන්න එපා යනුවෙන් දිවයින පුවත්පතට ලියන ලද ලිපිය අරබෙන්නේ ඉතා අපුරු යෙදුමකින්ය. සෝමහිමි හා දේශපාලනය ගාව නොගන්න ලෙස කියන වත්මන් ඇතැම් මුග්ද බුකි ජාතිකවදින්ට උන්වහන්සේ විසින්ම ඉතා පැහැදිලි පිළිතුරක් ලබා දී තිබේ...
ඒ මෙසේය...
" දේශපාලනය යනු මහා කුසලකර්මයකයි කියන්නේ නම් බොහෝදෙනා උපහාසාත්මකව සිනාසෙනු ඇත. එය පුදුමයක් නොවේ . තම තමාගේ දේශපාලන දැනුම පමණක් ඒ සිනහව තුල ගැබ්ව ඇති බව සිතා ගැනීම සැහේ.දේශයක් පාලනය විය යුත්තේ පාලක පාලිත දෙපසටම හිත සුව සහාය යන්න පරම සත්‍යයි. දෙස්පසටම හිතසුව පිණිස වන කර්මය කුසල කර්මයක් වන බව බුදු වදනේ දැක්වේ."
ඉතා මනරම් අයුරින් ජනතාවගේ බුද්දිය ආමන්ත්‍රණය කරමින් උන්වහන්සේ මේ කියන්නේ අප ගොඩ නැගිය යුත්තේ දේශපාලන කුසල කාර්ම කළහැකි පරපුරක් බවය. එනම් දුෂිතයනට එරෙහිව සටන් කිරීම සෝම හිමි චින්තනයේ කොටසකි. එය අනුගමනය කිරීම උන්වහන්සේගේ චින්තනයට පන පෙවිමකි.
එම ලිපියේම තවත් තැනක උන්වහන්සේ මෙලෙස වදාරයි.
"බේබදුකම ආදී දුරාචාර කටයුතු සදහා අනුබල නොදෙන රට දැය ගැන ආදරය ඇති, මිනිමරු මැර දේශපාලනයේ කොටස්කරුවන් නොවූ සදාචාර සම්පන්න උගතෙකු වෙනුවෙන් ඔබේ කතිරය ගසනු මැනවි."
කොතරම් මැනවින් බෞද්දයන් විසින් තමන් චන්දය දිය යුත්තේ කවර ගනයේ පිරිසකටද යන්න උන්වහන්සේ විස්තර කර තිබේද?මේවා ගැන අද්‍යයනයක වත්මන් සිංහල බෞඅද්දයන් තුල කොහෙත්ම නැත. වරෙව් යකෝ..... ජාතිය බේරගන්න යයි කියමින් බුකියේ පොස්ට් දමනවාට වඩා, නිවැරදි මිනිසුන් අරබයා දේශපාලන කුසල කර්මයක් කොට රට ජාතිය සුරැකිය හැකිය යන්න පෙන්වාදුන් සෝමහිමි මග අනුගමනය කරන්නෝ අතලොස්සකි.
උන්වහන්සේගේ ලිපි අධ්‍යනය කරද්දී තවත් වැදගත් ලිපියක් කියවීමට මට වාසනාව අත්විය. දුරාචාරය තුලින් මන්ද බුද්දීකත්වයට හේතුවේ යන ලිපියේ තැන මෙලෙස සටහන් වේ,
"රටෙත් ජාතියේත් විනාශය සිදුවද්දී පාලකයන් ව්‍යවස්ථා තනති. ව්‍යවස්ථාවෙන් සියලු ප්‍රශ්න විසදේවි යයි මොවුන් සිතනවා විය යුතුය. තවත් සමහරු දේශපාලන සංස්කෘතීන් නිර්මාණය කොට ප්‍රශ්න විසදිය හැකි බව සිතති. එහෙත් කිසිවෙකු සියලු විනාශයට මුල්වූ දුරාචාරයට පිළියම් නොසොයති."
වත්මන දේශපාලන ලෝකයේ වන දේවල් වලට මේ කියමන කොතරම් අදාලද? පාලකයන් ව්‍යවස්තාවක් අල්ලාගෙන නටන්නේ පසුගිය සමයේ සිදුවූ මුල්‍ය දුරාචාරයන් පිටුදැකීමට හරි හමන් ක්‍රියාමාර්ගයක ගෙනද? වර්තමානයේද එවැනිම දුරාචාරයන් සිදුවෙන බවට මහබැංකු සිද්දිය පෙනුම් කළා නොවේද? පිටු දැකිය යුත්තේ මේ ආර්ථික, දේශපාලනික හා සාමාජ දුරාචාරයන් මිස, වයවස්තාවෙන් වගන්ති වෙනස් කොට හෝ බලය බෙදීම මගින් රට වෙනස් කල හැකියි සිතීම මිත්‍යාවක් වග සෝම හිමි චින්තනයයි.
මා මෙම ලිපිය හරහා සොමහිමියන් සබුද්දිකව සිංහල ජනසමාජය තුල කතා කල වඩා ජනප්‍රිය සිංහල බෞද්දයන්ගේ ජාතිකවාදීී මතයට වඩා ඔබ්බට උන්වහන්සේ සාකච්චා කල දේශපලනික ආර්ථික හා සමාජ කරුනු සාකච්චා කිරිමට උත්සහ කලේ බොහෝ දෙනා උන්වහන්සේ එවැනි දේ සකච්චා කළබවත්.. ඒ පිළිබද අප ජන සමාජයට මග පෙන්වූ බවත් නොදන්නා බැවිනි
සොමහිමියන් සමාජ ,ආර්ථික හා දේශපාලනික සදාචාරය විශාවාස කරමින් සිංහල සමාජය ඒ වෙතට ගෙන යන්නට මග පෙන්වූ මහා වීර යතිවරයාණන් වහන්සේ නමකි.
උනවන්සේගේ චින්තනය අධ්‍යනය නොකට හුදෙක් ගුණ සමරනවා නම් පලක් නැත. සිංහල බුද්ධයන් රක ගත හැක්කේ සද්දෙට කගසිමෙන් නොව සමජ ආර්ථික දෙශාපාලනික වැඩපිලිවලකින් පමණක් බව සෝම හිමි මග යන්නෝ දනිති. නොදන්නොද උන්වහන්සේගේ චින්තනය අධ්‍යනය කොට සිංහල බෞද්ධයන් රැකගන්නට යතාර්ථවාදී ගමනකට එක්වෙත්වා යන්න මගේ පතුමයි.
දැයට අහිමි කල සෝමහිමි දහතුන්වන ගුණ්සමරුවට පොරොතුව මේ මවිසින් ලියන ලද ලිපිය උන්වහන්සේට උපහාරයක් වේවා...
උන්වහන්සේ අප රටට යලි මතුවබවයන් වලදීද නායකත්වය දෙත්වා...සසර කෙලවර අමාමහ නිවන් දකිත්වා...
 

සංජිව රත්නයක

සංස්කෘතිය පැටලීම


ලංකාව ඉතා උසස් සදාරනත්වයක් හා සභ්‍යත්වයක් සහිත ඉතිහාසයකට හිමිකම්.කියන රටකි.අතීත සිංහලයා බුදු දහම සිය ජීවන රටාවට කාවද්දවා සිංහල බෞද්ධ සංස්කෘතිය ගොඩ නගන ලදී..
සදාචාරය යනු කුමක්ද? දුරාචාරය නැති කිරීමයනු කුමක්ද එහි සීමා කවරේද? සිංහල බෞද්ධ වටපිටාව එයට ගැලපෙන්නෙ කෙලෙසකද? වර්තමානයේ මේ සියල්ල පැටලි තිබේ..
සදාචාරය සද් චර්‍යාවයි. එනම් සාදනිය හැසිරිමය. එලෙසත් නැත්‍නම් හොද විදියට සිටිමය.
මෙය තවත් ගැබුරට දර්ශනාත්මකව සිතන්න.

කොට ගවුමක් හැද නර්තනය කරන කාන්තාව වත්මන් සමාජය තුල සදාචාරාත්මක ලෙස පිලිගනීද?
බොහො අය ගර්හාවට ලක් කරනු ඇත. නර්තන වින්‍යාසයට අනුකුලව ඇදිය යුත්තේ කොට ගවුමක් නම්.. ඉන් ශුන්ගාර රසය ඉපදවේ නම් එය රස විදිනට ලෞකික ජීවිත වල සිටින රසිකයන් සද් භාවයෙන් සුදානම් නම් එහි සදාචාර උල්ලංඝනය වන්නේ කොහිද? මෙය තරමක් විවාදාත්මකය.
බොහෝ පොදු වැසිකිලි වල ලන්කාවෙව් අමු කුනු හරුප ලියා තියෙනු දක්නට පුලුවන... එසේ නැත්නම් උඩුකය නිරුවත් කතකගේ පින්තුරයක් පාර අයිනේ තිබුනොත් මහා ගැටලුවකි. හැබයි සීගිරි බල්න්න ලමයි අරන් අද්‍යාපන චාරිකා යති. සංස්කෘතිය පැටලී තිබේ...
මම සිංහල ජාතිකවාදය විශ්වාස කරන බෞද්ධයෙක්මි. සිංහල සංස්කෘතිය ඉතා නිදහ්ස් හා උසස් මනෝබාවයන්ගෙන් පිරුනු එකකි. නමුත් අප වර්තමානයේ අතීත යුරොපීය වික්ටොරියානු සංස්කෘතික ලක්ශන අපේ කියා කර තාබගෙන යති.
සිංහල රජ කාලයේ ඇතම් කුල වල කාන්තාවන් උඩුකය නිරුවත්ව පවා සිටි මුත් ස්ත්‍රී දුශන බහුල බවක් ඉතිහාසය හෝ ගවෙශකයන් ලියන ලද සටහන් වල නොවෙ...
සීගිරියේ උඩුකය නිරුවත් කතුන්ගේ රූප බලා අතීත සිහලයා කැටපත් පවුරේ කුනුහරුප ලීවෙ නැත. ලීවේ මනෝරම්‍ය කවි සන්කල්පනාය....
අපේ සිතුවිලි එතරම් උසස් මට්ටමක තිබුනි. සියල්ල වසා තලේබාන් පන්නයෙ සංස්කෘතික නියායක් මගින් සදාචාරය ගොඩ නැගිය හැකියයි සිතන්නන්ට අතීත හෙළයා කවියෙන් කැටපත් පවුරේ පිලිතුරු දී තිබේ.
සිංහලයා ඉතා නිදහස් හා උසස් සිතුවිලි සහිත පිරිසක් බව ඉතිහාසය සාක්ශි දරයි.
සෑම සිහලයෙකුම කවියෙකු බව රොබට් කිවේ ඒ නිසාය. ගුත්තිලයේ හෝ සැලලිහිනියේ ඇතී කාන්තා රූප වර්නනා වර්තමානයේ භික්ශුන් වහන්සේ නමක් අතින් රචනා උනි නම් මොකක් වෙන්නට තිබුනිද?
නිර්මාණය උසස් විය යුතු මිස සදාචාරය මෙය යැයි සංස්කෘතික සීමා සිංහලයන්ට අවශය නැත.
මේ දැනට පව්තින සිංහල සංස්කෘතිය ලෙස අප සිතා සිටින අදිරාජ්‍යවාදි සමයේ සිංහල සංස්කෘතියට මුසු උන වික්ටොරියානු සංස්කෘතිය මිස සිංහල සංස්කෘතිය නොවේ.


සංජිව රත්නයක