Friday 19 October 2018

සියදිවි නසාගත්තෙකුට

දාහක් ප්‍රශ්න මැද ජීවිතයේ      ගැස්ම
නිවනයි කියා කෙරුවත් ජීවන  වැස්ම
කරදර මිටි බැදන් බැටදි පස්ය් බැස්ම
වස රස කලෙද අතහැර ජීවන   හුසම

ගැබ්බර වාලුකාවේ.....




ගිම්හානේ ඉනිමංකඩ ලග,එබිකම් කරනා...
ගැබ්බර වාලුකාවේ.....

හෙමිහිට ඉහපන් , මල්පැන් පොද..
සංතෝසේ බැරුවා....


ඉහත්තාවෙ දූ කාටුව,
ලියද්දත් දුබුරු කෙරුවා.....
පොල්කට්ටක් පුරවන්නට,
වැවක් මැද කදුලු සැලුවා......

ගිම්හානේ ඉනිමංකඩ ලග, එබිකම් කරනා...
ගැබ්බර වාලුකාවේ.....

හෙමිහිට ඉහපන් , මල්පැන් පොද..
සංතෝසේ බැරුවා....

කුඹුක් ගහත් මැලවෙනකොට,
විහගනුත් ඉකිබින්දා.....
උබේ මුහුණ දැකගන්නට,
මම හුගක් පෙරුම් පිරුවා....


ම්හානේ ඉනිමංකඩ ලග, එබිකම් කරනා...
ගැබ්බර වාලුකාවේ.....

හෙමිහිට ඉහපන් , මල්පැන් පොද..
සංතෝසේ බැරුවා....