Friday 19 October 2018

ගැබ්බර වාලුකාවේ.....




ගිම්හානේ ඉනිමංකඩ ලග,එබිකම් කරනා...
ගැබ්බර වාලුකාවේ.....

හෙමිහිට ඉහපන් , මල්පැන් පොද..
සංතෝසේ බැරුවා....


ඉහත්තාවෙ දූ කාටුව,
ලියද්දත් දුබුරු කෙරුවා.....
පොල්කට්ටක් පුරවන්නට,
වැවක් මැද කදුලු සැලුවා......

ගිම්හානේ ඉනිමංකඩ ලග, එබිකම් කරනා...
ගැබ්බර වාලුකාවේ.....

හෙමිහිට ඉහපන් , මල්පැන් පොද..
සංතෝසේ බැරුවා....

කුඹුක් ගහත් මැලවෙනකොට,
විහගනුත් ඉකිබින්දා.....
උබේ මුහුණ දැකගන්නට,
මම හුගක් පෙරුම් පිරුවා....


ම්හානේ ඉනිමංකඩ ලග, එබිකම් කරනා...
ගැබ්බර වාලුකාවේ.....

හෙමිහිට ඉහපන් , මල්පැන් පොද..
සංතෝසේ බැරුවා....



No comments:

Post a Comment