Saturday 22 September 2018

සෝම හිමි චින්තනය යලි කියවමු




සෝම හිමියන් මෙරට මෑත ඉතිහාසයේ සබුද්ධික මිනිසුන්ගේ මනස අවදි කල ප්‍රබලතම පැවදි මිනි පහන ලෙස සැලකිය හැකිය. සමාජයෙන් ඇතට වී තමන්ගේ වැඩක් බලාගැනීම වෙනුවට සමාජයේ නියමුවා භික්ෂුන්වහන්සේ බව යලි මත සමාජයට පසක් කලේ උන් වහන්සේගේ සබුද්දික සමාජ විප්ලවයයි.සමාජවාදය දනවාදය , ප්‍රජාතන්තවාදය ආදිකොට ඇති බටහිර මුලික දේශපාලන ක්‍රම වෙද්වලට රැහැනිව බෞද්ද දේශපාලන ක්‍රමවේදයක් ගැන සාකච්චා කිරීමද උන්වහන්සේ වඩාත් සමාජයේ කතිකාවට ලක්වීමට හේතුවිය.
සෘජුපටිපන්න බාවය මොනවට පෙන්නුම් කරමින් සිංහල භික්ෂුවන්ශ්යේ ප්‍රතිමුර්තියක් උන උන්වහන්සේට එවකට දේශපාලන පක්ෂ බොහොමයක උදහසට ලක්වන්නටද සිදුවිය. ඊට අමතරව උන් වහන්සේ සිදු කල බෞද්ධ පුනර්ජීවනය මිස්දෙටු බලවේග වලට මාරු පහරක් විය. උන්වහන්සේගේ දිවිය කෙටිවිමට මේ අභීත සටන්කමිතාවය බලපෑ බව මගේ මතයයි.
වත්මන් සමාජය තුල බොහෝ බෞද්ද සංවිදාන හා පිරිස් බිහිව තිබේ. ඔවුන් බොහොමයක් සෝම හිමි ඉතා ඉහලින් සලකන අතර ඇතැමුන් උන්වහන්සේ සැමරීමේ අයිතිය ඇත්තේ තමන්ට පමණක් බවද , උන්වහන්සේ පිළිබද කතා කිරීමේදී දේශපාලනික කරුණු හෝ දේශපලනය අදාළ කොට ගත නැති බවට අමු මිත්‍යාවක පසු වෙයි. එම නිසා සෝම හිමි චින්තනය කෙටියෙන් හෝ යලි සාකච්චා කල යුතු සමය මෙය බව මා විශ්වාස කරමි.
සොමහිමියන් උන්වහන්සේගේ ජනවිජය සංවිදානයේ තේමාව ලෙස තෝරාගත්තේ "සදාචාරය ජාතියක සෞභාග්‍යය උදාකරයි " යන්නය. සිංහල බෞද්ද මතවාදය ගැන ප්‍රබලව සකච්චා කරන ලද උන්වහන්සේ මෙවැනි තේමාවක් තෝරාගත්තේ මන්දැයි මුලින්ම සිතිය යුතුය,
උන්වනසේ සිංහල බෞද්ද චින්තනය පමනක් හරහා නොව රටම දේශපාලනික හා සමාජ ආර්ථිකමය විප්ලවයක් කරාගෙන යාමේ අරමුණ පෙරදැරිව සිය මතවාදය ජනගත කර බව උන්වහන්සේ විසින් කරන ලද දේශනා හා සම්පාදිත පොත් , ලිපි ආදිය අධ්‍යනය කිරීමේදී හොදින් වටහාගත හැකිය.
මිත්‍යාවට එරෙහිව හා දේවවාදයේ ගැත්තන් බව බෞද්ධ සමාජය පත්වීමට එරෙහිව උන්වහන්සේ ගෙන ගිය සටන සමාජය සබුද්දික කිරීමේ හා සම්මා දිට්ටියට පත් කිරීමේ විප්ලවීය වැඩපිළිවෙලකි.
සොමහිමියන් සම්පාදිත " දිලිදු කමේ උපත දුරාචරයයි " යන ලිපියේ තැනක මෙලෙස සටහන් වේ....
"සීමිත සම්පත් වලින් අසීමිත අපේක්ෂා සම්පුරන් කිරීම උදෙසා වූ මිත්‍යා දුෂ්ටික ආර්ථික නියාය නම් වූ මහා දුෂ්ට රකුස විසින් වත්මන් ලෝකයම ගිලගනු ලබිමින් සිටියි.එම රුදුරු රකුසා මෑතක සිට ගෝලීයකරණය නමින් සුන්දර වේශයක් ගෙන සිටියි "
ඉතා ප්‍රසස්ත අන්දමින් සමාජය මුහුණ දෙන ආර්ථික හා සමාජ් අර්බුධයන් පිලිබද අධ්‍යනයක් සහිතව උන්වහන්සේ විසින් එවකට සාකච්චා කළබවත් , ඒවායේ සත්‍ය තාව වත්මන වන විට බටහිරට පවා අත්දකිමින් තියෙන බවත් ගොලියකරය්නයට එරෙහිව බටහිර ගොඩනැගෙමින් තියෙන ජාතිකවාදී රැල්ල මනාව පසක් කරයි.
බොහෝ දෙනා පසුගිය ජනාදිපතිවරණය සමයේ ජාතික හෙළ උරුමයට චෝදනා කලේ සිංහල බෞද්දයන් වෙනුවෙන බිහි වුන පක්ෂයක් වංචා දුෂණයට එරෙහිව සටනට එල්බ තම වියාපාරයේ මුල් අමතක කල බවත්.. හෙළ උරුමයට මුල් වුන සෝමහිමි චින්තනය එමගින් පවා දී ඇති බවත්ය. ඒ චෝදනා කල බොහෝ දෙන සෝමහිමි චින්තනය නොහදුණන ය බව කිව යුතුමය. උන් වහන්සේ සදාචාරය ජාතියක සෞභාගයට හේතුවන බව පැවසුවේ හුදෙක් සංස්කෘතික අදහසකින් නොවේ. ආර්ථික සදාචාරය , දේශපාලන සදාචාරය මෙන්ම සමාජය තුමා පවතින මානව පැවැත්මට මුලික වන කරුණු වල විදිමත් බව එමගින් උන්වහන්සේ අදහස් කල බව ඊ පිළිබද බෞද්ධ නිර්වචනයක් උන්වහන්සේ සිය චින්තනය තුල සකච්චා කල බවත් දන්නේ ඉතා සුළු පිරිසකි.
උන්වහන්සේ විසින් ඔබේ චන්දය දුෂිතයන්ට දෙන්න එපා යනුවෙන් දිවයින පුවත්පතට ලියන ලද ලිපිය අරබෙන්නේ ඉතා අපුරු යෙදුමකින්ය. සෝමහිමි හා දේශපාලනය ගාව නොගන්න ලෙස කියන වත්මන් ඇතැම් මුග්ද බුකි ජාතිකවදින්ට උන්වහන්සේ විසින්ම ඉතා පැහැදිලි පිළිතුරක් ලබා දී තිබේ...
ඒ මෙසේය...
" දේශපාලනය යනු මහා කුසලකර්මයකයි කියන්නේ නම් බොහෝදෙනා උපහාසාත්මකව සිනාසෙනු ඇත. එය පුදුමයක් නොවේ . තම තමාගේ දේශපාලන දැනුම පමණක් ඒ සිනහව තුල ගැබ්ව ඇති බව සිතා ගැනීම සැහේ.දේශයක් පාලනය විය යුත්තේ පාලක පාලිත දෙපසටම හිත සුව සහාය යන්න පරම සත්‍යයි. දෙස්පසටම හිතසුව පිණිස වන කර්මය කුසල කර්මයක් වන බව බුදු වදනේ දැක්වේ."
ඉතා මනරම් අයුරින් ජනතාවගේ බුද්දිය ආමන්ත්‍රණය කරමින් උන්වහන්සේ මේ කියන්නේ අප ගොඩ නැගිය යුත්තේ දේශපාලන කුසල කාර්ම කළහැකි පරපුරක් බවය. එනම් දුෂිතයනට එරෙහිව සටන් කිරීම සෝම හිමි චින්තනයේ කොටසකි. එය අනුගමනය කිරීම උන්වහන්සේගේ චින්තනයට පන පෙවිමකි.
එම ලිපියේම තවත් තැනක උන්වහන්සේ මෙලෙස වදාරයි.
"බේබදුකම ආදී දුරාචාර කටයුතු සදහා අනුබල නොදෙන රට දැය ගැන ආදරය ඇති, මිනිමරු මැර දේශපාලනයේ කොටස්කරුවන් නොවූ සදාචාර සම්පන්න උගතෙකු වෙනුවෙන් ඔබේ කතිරය ගසනු මැනවි."
කොතරම් මැනවින් බෞද්දයන් විසින් තමන් චන්දය දිය යුත්තේ කවර ගනයේ පිරිසකටද යන්න උන්වහන්සේ විස්තර කර තිබේද?මේවා ගැන අද්‍යයනයක වත්මන් සිංහල බෞඅද්දයන් තුල කොහෙත්ම නැත. වරෙව් යකෝ..... ජාතිය බේරගන්න යයි කියමින් බුකියේ පොස්ට් දමනවාට වඩා, නිවැරදි මිනිසුන් අරබයා දේශපාලන කුසල කර්මයක් කොට රට ජාතිය සුරැකිය හැකිය යන්න පෙන්වාදුන් සෝමහිමි මග අනුගමනය කරන්නෝ අතලොස්සකි.
උන්වහන්සේගේ ලිපි අධ්‍යනය කරද්දී තවත් වැදගත් ලිපියක් කියවීමට මට වාසනාව අත්විය. දුරාචාරය තුලින් මන්ද බුද්දීකත්වයට හේතුවේ යන ලිපියේ තැන මෙලෙස සටහන් වේ,
"රටෙත් ජාතියේත් විනාශය සිදුවද්දී පාලකයන් ව්‍යවස්ථා තනති. ව්‍යවස්ථාවෙන් සියලු ප්‍රශ්න විසදේවි යයි මොවුන් සිතනවා විය යුතුය. තවත් සමහරු දේශපාලන සංස්කෘතීන් නිර්මාණය කොට ප්‍රශ්න විසදිය හැකි බව සිතති. එහෙත් කිසිවෙකු සියලු විනාශයට මුල්වූ දුරාචාරයට පිළියම් නොසොයති."
වත්මන දේශපාලන ලෝකයේ වන දේවල් වලට මේ කියමන කොතරම් අදාලද? පාලකයන් ව්‍යවස්තාවක් අල්ලාගෙන නටන්නේ පසුගිය සමයේ සිදුවූ මුල්‍ය දුරාචාරයන් පිටුදැකීමට හරි හමන් ක්‍රියාමාර්ගයක ගෙනද? වර්තමානයේද එවැනිම දුරාචාරයන් සිදුවෙන බවට මහබැංකු සිද්දිය පෙනුම් කළා නොවේද? පිටු දැකිය යුත්තේ මේ ආර්ථික, දේශපාලනික හා සාමාජ දුරාචාරයන් මිස, වයවස්තාවෙන් වගන්ති වෙනස් කොට හෝ බලය බෙදීම මගින් රට වෙනස් කල හැකියි සිතීම මිත්‍යාවක් වග සෝම හිමි චින්තනයයි.
මා මෙම ලිපිය හරහා සොමහිමියන් සබුද්දිකව සිංහල ජනසමාජය තුල කතා කල වඩා ජනප්‍රිය සිංහල බෞද්දයන්ගේ ජාතිකවාදීී මතයට වඩා ඔබ්බට උන්වහන්සේ සාකච්චා කල දේශපලනික ආර්ථික හා සමාජ කරුනු සාකච්චා කිරිමට උත්සහ කලේ බොහෝ දෙනා උන්වහන්සේ එවැනි දේ සකච්චා කළබවත්.. ඒ පිළිබද අප ජන සමාජයට මග පෙන්වූ බවත් නොදන්නා බැවිනි
සොමහිමියන් සමාජ ,ආර්ථික හා දේශපාලනික සදාචාරය විශාවාස කරමින් සිංහල සමාජය ඒ වෙතට ගෙන යන්නට මග පෙන්වූ මහා වීර යතිවරයාණන් වහන්සේ නමකි.
උනවන්සේගේ චින්තනය අධ්‍යනය නොකට හුදෙක් ගුණ සමරනවා නම් පලක් නැත. සිංහල බුද්ධයන් රක ගත හැක්කේ සද්දෙට කගසිමෙන් නොව සමජ ආර්ථික දෙශාපාලනික වැඩපිලිවලකින් පමණක් බව සෝම හිමි මග යන්නෝ දනිති. නොදන්නොද උන්වහන්සේගේ චින්තනය අධ්‍යනය කොට සිංහල බෞද්ධයන් රැකගන්නට යතාර්ථවාදී ගමනකට එක්වෙත්වා යන්න මගේ පතුමයි.
දැයට අහිමි කල සෝමහිමි දහතුන්වන ගුණ්සමරුවට පොරොතුව මේ මවිසින් ලියන ලද ලිපිය උන්වහන්සේට උපහාරයක් වේවා...
උන්වහන්සේ අප රටට යලි මතුවබවයන් වලදීද නායකත්වය දෙත්වා...සසර කෙලවර අමාමහ නිවන් දකිත්වා...
 

සංජිව රත්නයක

No comments:

Post a Comment